2025 අගෝස්‍තු 11, පෙ.ව. 12:05
සියලුම සබන්, ෂැම්පු සහ ආලේපන වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති සහතිකය (SLS Certificate) අනිවාර්ය කිරීම උදෙසා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත වුවද සබන් නිෂ්පාදන සමාගම්වල බලපෑම හේතුවෙන් එය කල් දමා ඇතැයි අනාවරණය වේ.
ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්දේශ අනුව මෙරට වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති ළදරුවන් සඳහා වන සබන්වල TFM අගය 78ක් විය යුතුය.
මේ අතර නිසි ප්‍රමිතියෙන් යුතු සබන් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට අවස්ථාව සැලසීම සඳහා නිසි TFM අගය සහිතව සබන් නිෂ්පාදනය අනිවාර්ය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීට වසරකට පමණ ඉහතදී සැලසුම් කර තිබිණි.
තවද ඊට අදාළව කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමටද නියමිතව තිබිණි. කෙසේ නමුත් ප්‍රධාන පෙළේ සබන් නිෂ්පාදකයන් කිහිප දෙනකු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ සමග මෙම කැබිනට් පත්‍රිකාව සම්බන්ධව සාකච්ඡා කර ඇතැයිද පැවැසේ.
2025 අගෝස්‍තු 15, ප.ව. 12:18
2025 අගෝස්‍තු 15, පෙ.ව. 10:12
2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:08