hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 14, පෙ.ව. 10:53


සෙවනගල වෙඩි තැබීමක්

සෙවනගල – කටුපිල වැව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙනවා.

මත්පැන් පානය කරමින් සිටිය දී එක් පුද්ගලයෙකු ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් එහි සිටි තවත් අයෙකුට වෙඩි තැබීමත් සමඟ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට ද තවත් පුද්ගලයෙකු මුගරකින් පහර දී තිබෙනවා.

කෙසේවෙතත් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පමණක් ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් දුර දිග යාම මෙම ගැටුමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.