hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2022 අප්‍රේල් 21, ප.ව. 9:44



ඉන්ධන මිල ඉහල යාම හමුවේ සිමෙන්ති මිල ඉහල දැමිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටියා.

කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙලදපොලේ රුපියල් 2300 – 2350 මිලකට අලෙවි කරන අතර නව සිමෙන්ති මිල රුපියල් 500 – 600 කින් වැඩි කිරිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බවයි සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

සිමෙන්ති මිල ඉහල යාමත් සමග ඉල්ලුම අඩු වි ඇති බවත්, අලුතින් ගොඩනැගිලි ඉදි කිරිම් කටයුතු සිදු කිරිමද නතර කර ඇති නිසා සිමෙන්ති තොග වෙලදසැල් වල රැස් නොකරන බවයි හැටන් ප්‍රදේශයේ සිමෙන්ති අලෙවි නියෝජිතයන් ඒෂියන් මිරර් වෙත කියා සිටින්නේ.