hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 15, ප.ව. 12:27


එයරොෆ්ලොට් නඩුව නිෂ්ප්‍රභ කෙරේ

කොළඹ වාණිජ මහාධිකරණය රුසියානු එයරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් වන නඩුව පිරිවැය සහිතව නිෂ්ප්‍රභ කර තිබෙනවා.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා විසින් මෙම නියෝගය අද ලබා දෙනු ලැබ ඇත්තේ, එම නඩුව පවත්වා ගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා මතු කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුවයි.

අදාළ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් සීමා සහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම නීතිපති දෙපාර්තමේන්තුව හරහා ජූනි 28 දින කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ මෝසමක් ද ගොනු කර තිබෙනවා.