hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2024 ජූලි 16, ප.ව. 4:46



මුකේශ් අම්බානිගේ පුත් අනන්ද් සහ රාධිකාගේ මංගල උත්සවය මේ වෙනකොට ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙන මාතෘකාවක් කිව්වොත් හරි.

ලෝකයේ සුපිරි බිලියනපතියන් වගේම සුපිරි නළු නිළියන් ගායක ගායිකාවන් ඇතුළු බොහෝ පිරිසක් මේ මංගල උත්සවයට පැමිණ සිටියා.

අම්බානිගේ පුතාගේ මංගල උත්සවයට පැමිණි බච්චන් පවුලේ හැසිරීම පිළිබඳව ගොඩක් දෙනෙක්ගේ අවධානය මේ වෙනකොට යොමුවෙලා තියෙනවා.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන වීඩියෝවක් නිසා. විවාහ උත්සවයට අමිතාබ් බච්චන්, ඔහුගේ බිරිද ජායා බච්චන්, පුත් අභිශේක්, දියණිය ස්වේතා, මිනිබිරිය නව්‍යා නන්දි සහ බෑණා නිඛිල් නන්ද එක්ව සිටියා.

නමුත් අයිශ්වරයා රායි ඇයගේ දියණිය වුණු ආරාධ්‍යා සමග මංගල උත්සවයට පැමිණියේ වෙනමයි.

ඒ කියන්නෙ අයිෂ් පින්තූරවලට පවා පෙනී සිටියේ ආරාධ්‍යා සමඟ මිස පවුලේ අනෙකුත් අය එක්ක නෙවෙයි.

මේ වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙන්න පටන් ගත්තැයින් පස්සෙ, කවුරු නමුත් අවදානය යොමු කළේ අයිෂ් – අභිෂේක් විවාහයේ ගැටළු මතුවෙමින් ඇති බවට පැතිර යන කතාව දිහාවට.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: