2024 මැයි 09, පෙ.ව. 12:02
අපේ කලා ලෝකය තුළ ආදරණීය රංගන ශිල්පිනියක් විදිහට බොහෝ දෙනෙක්ගේ ආදරය ගෞරවය දිනාගත්තු ඇය දමිතා අබේරත්න.සිංහල ටෙලි නාට්‍ය කලාවේ වගේම සිනමාවේ අද්විතීය චරිත රැසක් නිරූපණය කරපු ඇය අද වන විට සමාජය තුළ කතාබහ කරන චරිතයක් බවට පත්වෙලා.
පසුගිය කාල සීමාවේදී දමිතා අරගලය කරන භූමිය තුළ ක්‍රියාකාරී සාමාජිකාවක් විදිහට වැඩ කළා.ඒ නිසා හැමෝම ඇයට ලක් කම්මා කියන අන්වර්ථ නාමයෙන් කතා කරන්නත් අමතක කළේ නෑ.මේ සියලු දේවල් එක්ක පසුගිය දවසක දමිතට බන්ධනාගාරගතවෙලා දවස් කීපයක් ඉන්න සිද්ධ වුණා.
ඒකට හේතුව වුණේ කොරියන් යවනවා කියලා එක්තරා මනුස්සයෙක්ගෙන් දමිතා මුදල් වංචා කරා කියන චෝදනාවයි.හැබැයි තවමත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ වෙනවා.ඒ කෙසේ නමුත් දමිතා ඒ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබ්බේ මේ විදිහටයි.
“දමිතා අබේරත්න කාටවත් වංචා කරල නෑ කාගෙවත් දෙයක් කඩා වඩාගෙන නෑ.කාගෙන් හරි රුපියලක් ගත්තත් ඒක දෙනකල් හදිස්සියි.මොකද මට හැමදාම ඕනි වුණේ අපේ රටට රුපියලක්වත් ණය නැතුව මැරෙන්න.මම පැපිලියන ගමේ ඉන්නේ. ගේ තියෙන්නේ අපේ ආච්චිගෙන් ලැබුණු ඉඩමක.මං පාවිච්චි කරන ෆෝන් නම්බරේ අවුරුදු විසි පහක් විතර පරණයි. මං ඔය කියන විදිහේ දේවල් කරා නම් මම ඔහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරයිද.සමහරු මං එක්ක තියෙන වෙනත් තරහවල් පිරිමහන්න මාධ්‍ය හරහා සෑහෙන්න මට මඩ ගහනවා”
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26