hit counter

2026 ජනවාරි මස 19 වන සඳුදා

2026 ජනවාරි 19, ප.ව. 1:15



සම්මානනීය රංගන ශිල්පියෙක් විදිහට පුංචි තිරය රිදී තිරය කියන මේ අංශ දෙක තුළම බොහෝ දෙනෙක්ට මතක හිටින චරිත මැවූ ආදරණීය කලාකරුවෙක් තමයි දසුන් පතිරණ කියන්නේ.

බොහෝ දෙනෙක් ඔහුට ආදරේට කතා කරේ දස්සා කියන ආදරණීය නමින්.

ඔහු කාලයක් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්නෙ නැතුව නිහඩවෙලා හිටියා.

ඒකට හේතුව රටේ ඇතිවුණු ප්‍රශ්න එක්ක හරියටම නිර්මාණාත්මක වැඩ කෙරුණේ නැති නිසයි.

නමුත් ආයෙමත් සැරයක් ඒ තත්ත්වය වෙනස් වෙලා නිසා දසුන් කලා කටයුතුත් එක්ක එකතු වෙනවා.

ඒ වගේම දසුන් මේ වන විට ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්.

යුටියුබ් නාලිකාවක සාකච්ජාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් දක්වා සිටියා ,

“මම දසුන් පතිරණව නැති කර ගන්න කැමති නැහැ. නළුවා කියන එක ඇක්ශන් කට් කිව්වට පස්සෙ මම හිතන්නේ ඒක ඉවරයි. මම ආසයි ප්ලේන්ටියක් බීලා ස්මෝර්ක් එකක් දාන්න පාරේ තැනකට වෙලා.ඒකට මට කැමරාව ඕන නෑ. මට ගිහිල්ලා මිනිස්සුත් එක්ක මූව් වෙන්න මිනිස්සුන්ට උදව් කරන්න මට කැමරා අරන් යන්න ඕන නෑ. මට ඒක බෑ. එතකොට මම ආසයි පාන් ගෙඩියක් ගේන්න කඩේට යන්න. සමහර විට අපේ වයිෆ් කියනවා අන්න ගෑස් ඉවරයි ගෑස් එක අරන් වරෙන් කියලා. එතකොට මගේ සෙලිබ්‍රිට්‍රිකම පැත්තකින් තියලා මම යන්න ඕන පාන් අරන් එන්න.මම සෙලිබ්‍රිටි කෙනෙක් වුණොත් එහෙම ඉදී. මම තවම ඇක්ටර් කෙනෙක්. මම සෙලිබ්‍රිටි කෙනෙක් නෙවෙයි මට ඒක මේන්ටේන් කරන්න බෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: