2025 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:11
”මේ දවස් ටිකේ අපේ හැමෝම බරටම වැඩ. තමන්ට පුළුවන් විදියට කාට කාට හරි උදවු කරනවා. ඒ කරන ඒවා වීඩියෝ දානවා. Live යනවා. හැබැයි ඒවට අවලාද කියන අයත් බොහොමයක් ඉන්නවා. එයාලා ඒවට බැනලා comment දානවා. “උදවු කරලා වීඩියෝ දාන්න ඕනද?”
ඔව් දාන්න ඕන. එහෙම තමයි මේ උදවු කරන රැල්ල හැදුනෙ. මේ වෙලාවෙ මිනිස්සුන්ට ඕන උදවු. තව කෙනෙක් උදවු කරනවා දැකලා උදවු කරන්න පෙළඹුන අය මේ වෙනකොට හැකි පමණින් මිනිස්සුන්ට උදවු කරමින් ඉන්නවා.
හැබැයි පහුගිය ටිකේ වැඩවලම හිටපු නිසා පොඩි live එකක් දෙකක් ඇරෙන්න අපිට වීඩියෝ දදා ඉන්න උනේ නෑ. කොහොම හරි අපේ ජනයි ප්‍රියයි සහෝදරයො දෙන්නගෙ වීඩියෝ එකකට කෙනෙක් දාපු Comment එකක් මගේ මිත්‍රයෙක් SS එකක් එවලා තිබුණා.
“ලකයි සිකයි පේන්න නෑ. එයාලට උදවු ඕනද” කියලා. ඒක කින්ඩියටද බොක්කෙන්මද අහලා තියෙන්නෙ කියලා තේරෙන්නෑ. සමහරු හිතන් ඉන්නවා ජනයි ප්‍රියයිලයි අපියි තරහයි කියලා. එහෙම හිතන් මෙහෙම comment දාන අයත් ඉන්නවා. නෑ අපි ඔක්කොම යාළුවො මල්ලි. අපි සහෝදරයො වගේ එකට ඉන්න සෙට් එකක්.
කොහොම උනත් අපි කාට හරි උදවු කරලා වීඩියෝ දැම්මොත් එක පිරිසක් බනිනවා. නොදා හිටියොත් කිසිම උදවුවක් කරන්නෑ කියලා හිතලා තව පිරිසක් බනිනවා. ඔන්න ඕක තමයි සමාජ මාධ්‍ය වල ඉන්න අපට උරුම.
අර හාදයා අර comment එක දාලා තියන මොහොතෙත් අපි හිටියෙ ගං වතුරෙ හිරවෙලා හිටපු අයට බෝට්ටුවක ගිහින් වියළි සලාක සහ කෑම බෙදන ගමන්.
ඒ වැඩේට අපිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කසුන් ජයසේකර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද සිල්වා සහ කැලණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පරීක්ෂක දේවප්‍රිය මහතා ඇතුළු පොලිසියේ මහත්වරුන්ගේ උපරිම සහයෝගය ලැබුණා. යක්කු වගේ පොලිසියේ කොල්ලො 4 දෙනෙක් සෙට් උනා වැඩේට. රාජකාරිට එහා ගිය දේවකාරිය කියන්නෙ මොකද්ද කියලා උන් හොඳටම ඔප්පු කරමින් ඉන්නෙ මේ දවස් ටිකේ. රවිඳු පෙරේරා, තිලකරත්න, සාලිය, පුෂ්පකුමාර තමයි ඒ කොල්ලො හතරදෙනා. ඇත්තටම මාරම ආදරයක් හිතුනෙ උඹලා වැඩකරන විදිය දැක්කම.
ඒ වගේම වැඩේ කරන්න සූදානම් වෙද්දි එක එක විදියට මේකට දායකවෙච්ච හැමෝටම හදවතින්ම ස්තූතියි.
මෙතනින් ඉවර නෑ. ආයෙත් 4වෙනිදට කොත්මලේ පැත්තට යන්න සූදානම්වෙමින් ඉන්නෙ…”
සටහන සහ වීඩියෝව : Lakai Sikai – ලකයි සිකයි ෆේස්බුක් පිටුවෙන්
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
2026 ජනවාරි 28, පෙ.ව. 12:04
2026 ජනවාරි 27, පෙ.ව. 10:35
2026 ජනවාරි 27, පෙ.ව. 12:09
2026 ජනවාරි 26, ප.ව. 1:07
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26