hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 මැයි 12, ප.ව. 3:02



පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා සිය නිවස ගිනි ගැනීම පිළිබඳ කනගාටුව පළ කර ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් තබා තිබෙනවා.

වංචාවෙන් තොර ව අවංක ව හම්බ කරගත් මුදල් පමණක් තමාට ඇති බව යි ඔහු පවසන්නේ.

එම සටහනට ප්‍රවීණ දේශක අමරනාත් බටගොඩ මහතා පිළිතුරු ලබා දී තිබුණා.

නැවතත් ගුණපාල රත්නසේකර මහතා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

ඒ අමරනාත් බටගොඩ මහතා තැබූ සටහන සම්පුර්ණයෙන් අසත්‍යක් බව පවසමින්.

එම සටහන පහතින්,

අමරනාත් බටගොඩ සර් වෙත ලියමි,

ඔබ විසින් මා අමතා සමාජ ජාලාවලට නිකුත් කර තිබූ ලිපිය සම්පූර්ණයෙන්ම වැරදි බව සඳහන් කරමි. මා දේශපාලනයට පිවිසියේ ඇයි යන කාරණය ඔබ කිසිසේත් නොදනී. ඔබ පිළිබඳව කිසිදාක මගෙන් විමසීමක් හෝ සිදුකර නැත. ඔබ මේ ලියන්නේ ඔබේ හිතේ තිබෙන දේම පමණි.

මම ඔබට වඩා දුප්පත් පවුලකින් උපත ලද අයෙකි. වසර තිහක් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙසත් ඊට පෙර විගණන පරීක්ෂක වරයෙකු හා ගණකාධිකාරී වරයෙකු ලෙසත් සේවය කළ මම ඊටත් පෙර වඩා වැඩි කාලයක් වෘත්තීය දේශක වරයෙකු ලෙසත් සේවය කර ඇත. මා සතු කළමණාකරන දැනුමෙන් ඔබ අදටත් නොදන්නා තවත් ඉතාමත් ධාර්මික ව්‍යාපාර කිහිපයක්ම මා විසින් ආරම්භකර පවත්වාගෙන ආවෙමි. මා පෞද්ගලිකව බොහෝ දේ අත්කරගෙන තිබේ. සියල්ල මට ලැබුණේ නිදහස් අධ්‍යාපනය නිසා . මා අධ්‍යාපනය ලැබුවේ මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් බව මම දනිමි. මට මේ බොහෝ දෑ ලැබුණේ මා සේවය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිසා බව මම හොඳින්ම දනිමි.

කෙළෙහි ගුණ සැලකීම සත්පුරුෂ ගුණයක් බව ඔබ දන්නවාද ? ජීවිතය තේරුම් ගැනීමට බොහෝ අත්දැකීම් අවශ්‍ වේ. ඔබට තවමත් මට තරම් අත්දැකීම් ලැබී නැති බව මට දැන් හොඳටම විශ්වාසය. මා ඇසුරු කළ කල්‍යාණ මිත්‍ සිල්වත් ස්වාමීන් වහන්සේලා නිසාම මම ජීවිතේ බොහෝ දේ ඉගෙන ගතිමි. මම දැන් තෙරුවන් සරණ ගිය පන්සිල් රකින බෞද්ධයෙක් බව නොපැකිලව කියමි. ඔබට එසේ කිව හැකිද ? මම මගේ පෞද්ගලික ධනයෙන් නිවසක් නැති අයට නිවාස, පාසල් ගොඩනැගිලි, වෙහෙර විහාර, ධර්මශාලා, කුටි සෙනසුන් යනාදී නොයෙක් දේ ඉදිකළේ ධර්මාවබෝධයෙන් බව ඔබ නොදනී. මා ඒවා කළේ ව්‍යාපාරික ආයෝජනයක් ලෙස බව ඔබේ මතය යි. දානෙ නිරාමිස සුවය ඔබ නොදන්නා නිසා ඔබේ එම මතය මම නොසලකා හරිමි. කෙසේ වුවද හැකිනම් එම අවබෝධය ලබා ගන්නා ලෙස කලක් මගෙ ලෙන්ගතු හිතවතා වූ ඔබට ආරාධනා කරමි. මා පන්සල් හැදුවේ ආයෝජනයක් ලෙස බව ඔබ කියා ඇත ආයෝජනය කළ යුත්තේ ප්‍රතිලාභයක් ලැබෙන පරිදි බව මගේ දරුවන්ට මා උගන්වා ඇත මා විසින් වෙහෙර විහාර ඉදි කරමින් අපේක්ෂා කළ ආධ්‍යාත්මක ප්‍රතිලාභය ඔබ කිසිසේත් නොදනී.

මට දේශපාලනයෙන් සතයක්වත් හම්බ කරගන්න බැරි වුණේ මම ගිහින් ටික කාලයක් නිසා බව ඔබ ලියා ඇත. මා සමග කුමන හෝ ආකාරයක ද්වේශයෙන් ඔබ එසේ ලියා ඇත්තේ ඔබ සිතන ආකාරයෙන් මිස මා සිතන ආකාරය නොවේ. කෙනෙක් සතු සමාජීය වගකීමක් ඇති බව ඔබ දන්නවා ඇතැයි සිතමි. මට සමස්ත සමාජයේ ලැබී ඇති දේ බොහෝය වෙනුවෙන් සමාජයට කළ යුතු මෙහෙවරක් තිබේ මා ජනතාවගේ මනාප ඉල්ලුවේ වසර 5 සමාජ මෙහෙවරකට වරම් ලබා දෙන ලෙසය.

ජනතාව වරම අපට ලබා දුන්නත් කොවිඩ් ව්‍යසනය නිසාත් ජරාජීර්ණ වූ දේශපාලන මතධාරීන්ටම වගකීම පැවරුණ නිසාත් අපි බලාපොරොත්තු වූ දේ ඉටුකිරීමට නොහැකි විය. ඒත් covid සමයේ අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 9ක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කර එන්නත්කරන වැඩ වැඩසටහන් ක්‍රියාත්මක කර ජනතාවට අභයදානය දීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකි වීම ගැන නිහතමානී සතුටක් තිබේ.

කෙසේ වුවද මා දේශපාලනයට පිවිසියේ ඔබ සිතන පරිදි මුදල් ඉපයීමට නොව මාගේ සමාජ වගකීම ඉටුකිරීමට බව මම තරයේ ප්‍රකාශ කරමි. හැකිනම් ඔබේ දූතයන් හෝ යොදා මට අල්ලස් හෝ වෙනත් එවැනි දෙයක් ලබා දිය හැකි දැයි පරික්ෂා කරන ලෙස මම ඔබට අභියෝග කරමි.

මා රාජකාරි සඳහා කොළඹ සිට කුරුණෑගලට පැමිණි විට සති අන්තයේ දී කුරුණෑගල නැවතී සිටී, එවිට සිප්වින් ආයතනයටද පැමිණි අවස්ථා තිබෙන බව මම පිළිගනිමි. එසේ කළේ රාජකාරි අවසන් කර නැවත කොළඹ ගොස් ආපසු පැමිණීමට කාලයක් නොමැති නිසාය.

රාජ්‍ ඇමතිවරයා ලෙස මට වෙන් කර තිබූ කිසිදු වාහනයක් මා විසින් ලබා නොගත් බවත් පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස අමාත්‍යාංශයට කිසිවකුත් පත් නොකළ බවත් ඔබ දන්නවා ?

මගේ පන්තියට handbill බෙදපු ගොඩක් ගුරුවරු මා විසින් උසාවි ගෙනිච්ච බවත් ඔබටත් පැය භාගයක් කූඩුවේ ලගින්නට වූ බවත් ඔබ කියයි. මෙම චෝදනාව ඔබේ අමූලික බොරුවකි. ඔබ එසේ බොරු කියා නිකරුනේ අපාගත නොවන ලෙස දන්වා සිටිමි. සිප්වින් ආයතනයේ ගුරුවරුන් විශාල පිරිසකට නඩු පවරා තිබේ. පසුගිය සතියේ (අප්‍රේල් මුල) ගුරුවරුන් දෙදෙනෙකුට නඩු පවරා තිබුණි. එසේ නම් එම ගුරුවරුන් උසාවි ගෙන ගියේ ඔබද ? යන පැනය මම ඔබෙන් අසමි. කලක් ඔබත් ඔබේ පළමු බිරිඳත් මගේ පවුලේ සමග සිටි සමීප අය බව මට මතකය. ඔබ මෙසේ අභූත චෝදනා මා වෙත එල්ල කිරීමට සිත් වූයේ ඇයිද යන්න මට ගැටලුවකි. ගුරුවරයෙක් උසාවි යවනවා තබා

කිසිදු ගුරුවරයෙක් පිළිබඳ විවේචනයක් මගේ දශක 4 ගුරු ජීවිතය තුල සිදු කර ඇත්නම් සනාථ කරන ලෙස මම ඔබට අභියෝග කරමි.

ඔබ මුලින්ම කුරුණෑගල පැමිණියේ වරලත් ගණකාධිකාරණ පාඨමාලාවේ ආර්ථික විද්‍යා ගුරුවරයා ලෙසය. ඔබ උසස් පෙළ පෙළ ආර්ථික විද්‍යා ගුරුවරයෙක් ලෙස හඳුන්වා දුන්නේ මා විසිනි. එවකට ශිල්ප ආයතනයේදීය. නමුත් මා සිප්වින් ආයතනය ආරම්භ කිරීමට ආසන්නයේදී එවකට කුරුණෑගල ජනප්‍රියම හා ඉහළම ප්‍රතිඵල වාර්තා කළ ආර්ථික විද්‍යා ගුරුවරයා වූ ජයවීර සමරසිංහ මහතාට අපගේ ආයතනයට සම්බන්ධ වන ලෙස ආරාධනය කළෙමි. එතැන් පටන් මා ඔබ සමග අමනාප නොවූවත් ඔබ මා සමග අමනාප වී ඇති බව පෙනේ. ජයවීර සමරසිංහ මහතාගෙන් පසු අපගේ ආයතනයේ ආර්ථික විද්‍යා ගුරුවරයා ලෙස බඳවා ගත්තේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආනන්ද රත්නායක සර්ය. මෙම සමස්ත ක්‍රියාදාමය ඔබේ ආර්ථික විද්‍යා පන්තියට අහිතකර ලෙස බලපා තිබිය හැකිය.

ඔබ මා සමග ද්වේශයෙන් පසු වන්නේ එම හේතුව නිසා බව මම විශ්වාස කරමි. නිසා ඔබේ ලිපිය පුරා ඇත්තේ ද්වේශසහගත චෝදනා මිස සත්‍යය නොවේ. මගෙන් අධ්‍යාපනය ලැබීමට එන දරුවන් ඔවුන්ගේ පියාණන් හා සමාන විශ්වාසයක් මා කෙරෙහි තබා ඇති බව මම දනිමි.

මා ඔවුන්ට උගන්වන්නේ මගේම දූ පුතුන් හා සමාන හැඟීමකින් බව මම ඔබට මතක් කර දෙමි. එම විශ්වාසය මම දිවිහිමියෙන් ආරක්ෂා කරමි. ඊට අදාළ ඔබේ හැඟීම දැන් කෙසේදැයි මම නොදනිමි.

මගේ මුහුණු පොතේ සටහනට ඔබට වාසි ඔබ කැමති ඕනෑම අර්ථකථනයක් දීමට ඔබට හැකිය. මට අවශ්‍ වූයේ ගිනි ගනිමින් තිබුණේ දේශපාලනයෙන් උපයාගත් දේ නොව දුක්මහන්සියෙන් පෞද්ගලික උපයාගත් දේ බව අවධාරණය කිරීමටය.

තවදුරටත් දේශපාලනය නොකළ යුතුයි කියන අදහස ගොඩනැගුනේ එම ගිනි ගැනීම නිසා නොව තවත් ගමනකට සූදානම් විය යුතු නිසා බව මම පළමුවෙන්ම ඔබට කියමි. දැවී අලුවී ගිය දේ භෞතික දේ පමණක් නොව මාගේ ජීවිතයේදී අනිත්‍ බව තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක් ලෙස මම අවබෝධ කරගෙන සිටිමි. මා හට ඇත්තේ තවත් ඉතාමත් සුළු කාලයක් බව මම හොඳින්ම දනිමි.

මා අරගලයේ යෙදී සිටින මගෙන්ම ඉගෙන ගත් දරුවන් ගැන කතා නොකළ බව ඔබ කියයි. කිසිවක් නොදැන එවන් චෝදනා කරන්නේ කෙසේද ? අරගලය තුළ කඳුළු ගෑස් ප්‍රහාර වලට ගොදුරු වන මගෙන්ම ඉගෙනගත් දරුවන්ගේ අපහසුතා ගැන පසුගිය සිකුරාදා මැයි 6 දින පාර්ලිමේන්තු කතාවක්ද මා විසින් සඳහන් කර තිබේ. ආණ්ඩුව විසුරුවා හැර අන්තර්වාර පාලනයක් බිහි කරන ලෙස බලකරමින් මාද ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරු දසදෙනෙක් හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමට ගත් තීරණයත් සමග අප මුහුණදුන් දුෂ්කරතා පිළිබඳව අල්ප මාත්‍ දැනුමක් ඔබට නැත. ඔබගේ චෝදනා ද්වේශ සහගත බව මම කියන්නේ නිසාය.

මෙම ලිපියට පිළිතුරු ලෙස ඔබ ඉදිරියේදී කුමක් ලීවත් මම නැවත පිළිතුරු නොදෙමි. ඔබ සමග වාදයක් මට නැත. කෙසේ වුවද සත්‍ නොදැන සම්පූර්ණයෙන්ම අභූත චෝදනා සිදු නොකරන ලෙස කලක් මිතුරකු සේ ඇසුරු කළ ඔබෙන් ඉල්ලා සිටිමි.