hit counter

2025 මාර්තු මස 19 වන බදාදා

2022 අගෝස්‍තු 07, ප.ව. 4:29



ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව හැමෝම දන්නා කියන කාරණයක්.

අනතුරින් ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලේ අස්ථි දෙකකට සහ පෙනහළුවලට හානි සිදුව ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ඒ වගේම මේ වන විට ගොඩක් දෙනෙක් ඔහුට ඉක්මන් සුව පතන්න අමතක කරන්නේ නැහැ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජැකසන් ඇන්තනී ගැන, සුපිරි නළු හේමාල් රණසිංහ සංවේදී සටහනක් තබා තිබෙනවා. 

ජැක්සන් කලකට ඉහත තමත් වෙත එවූ වට්ස්ඇප් පණිවුඩයක් ද හේමාල් සිය මුහුණු පොතේ පළ කර තිබුණා.