hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 07, පෙ.ව. 9:40



ඉරාජ් වීරරත්න ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සූදානම් වන සංගීත ප්‍රසංගයක් කඩාකප්පල් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් ඇතැයි නීතීඥ මනෝජ් ගමගේ මහතා චෝදනා කරනවා.

ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් නීතීඥ මනෝජ් ගමගේ මහතා මේ බව සඳහන් කළා.

නීතීඥවරයා අනාවරණය කළේ, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සංවිධාන කිහිපයක් විසින් මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ලිපි යවා ඇති බවයි.

කොටි සංවිධානය ත්‍රස්තවාදී කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ රැස්වීම් පවත්වන විට මුදල් එකතු කරන විට විරුද්ධ නොවූ පිරිස විරුද්ධ දේශපාලන මතයක් දරන සිය රටේ කලාකරුවෙකුට එරෙහිව මෙලෙස කටයුතු කිරීම පිළිබඳ ඕස්ට්‍රේලියානු ශ්‍රීලාංකිකයින් ලැජ්ජාවට පත්විය යුතු බවයි ඔහු සඳහන් කළේ.

කලාකරුවාගේ කලාව මිස පෞද්ගලික දේශපාලනය රසිකයින්ට අදාළ නැති බවත් ගුණදාස කපුගේ ජවිපෙට සම්බන්ධව කටයුතු කළ ද පක්ෂ භේදයකින් තොරව ජනතාව ඔහුගේ කලාව රසවින්ද බව ද නීතීඥ මනෝජ් ගමගේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඉරාජ් ඕස්ට්‍රේලියාවේ සංගීත ප්‍රසංගයක් මිස දේශපාලන රැස්වීමක් නොපවත්වන බව ද හෙතෙම සඳහන් කරනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: