hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:02



“මම ලෙබනන් එන්නේ තනියම. ඒත් මේ දරුවෝ මගේ තනිකම නැති කළා.” මේ විදිහට කියන්නේ කෙන්යාවේ ඉඳන් ලෙබනනයට සේවය සඳහා ආව කාන්තාවක්.

ඇය නමින් රෝසි.

ලෙබනනයේ නිවසක පුංචි දරුවන් බලා ගන්න එක තමයි ඇයගේ කාර්‍ය.

ඇය ඒ කාර්‍ය ලොකු කැප කිරීමකින් තමයි කරන්නේ.

ඇයට මේ ගෙදර බලා ගන්න ඉන්න දරුවෝ ටික හරි හරියට හුරුයි.

කොච්චරද කිව්වොත් දරුවන්ට රෝසි නැතුව ඉන්න බැහැ.

මේ සියල්ල අතරේ ඇය තීරණයක් ගන්නවා හදිස්සියේම ඇයගේ රටට යන්න.

ඇයටත් ඒක අපහසු තීරණයක් වුණේ මේ පුංචි මූණු ටික බලාගෙන දුර යන්න හිත නොදෙන නිසාමයි.

ඇයට විතරක් නෙවෙයි ඇගේ දරුවෝ වගේ බලා ගත්ත මේ පුංචි දරුවෝ ටිකටත් තිබුණේ ලොකු දුකක්.

රෝසිගේ අතේ එල්ලිලා ගුවන්තොටුපළට හිනා වෙවී ආව දරුවෝ හැම කෙනෙක්ම එකපාරට අඬන්න පටන් ගත්තා.

ආයෙත් රෝසි අපිට මුණ ගැහෙන්නේ නැහැ. මේ දරුවන්ට හිතෙන්න ගත්තා.

රෝසිගේ පිටිපස්සෙන් අඬ අඬා දරුවෝ ටික යන්න වුණා.

පුංචිම දරුවාගේ ඉඳන් ලොකුම දරුවා වෙනකන් හැම දරුවෙක්ම රෝසි යන නිසා ඉන්නේ ලොකු දුකකින්.

රෝසිටත් මේ දරුවො දාලා යන්න බෑ.

හැබැයි යථාර්ථයට මුහුණ දෙන්නම වෙනවා.

ඇත්තටම ටිකක් කල්පනා කරලා බලන්න ආදරයට, කරුණාවට, යහපත්කමට වෙනම පාටක් වෙනම හැඩයක් නැහැ.

රෝසි මේ දරුවන්ට සැලකුවේ තමන්ගේම දරුවන්ට වගේ.

ඇය තැනකදී කියනවා මේ මගේ පවුල වෙනසකට තියෙන්නේ මම වෙනුවෙන් ඔවුන් ගෙවීමක් සිදු කරනවා.

හැමතැකදිම එක එක විදියට බෙදෙන්නේ නැතුව හරියට හිතලා මනුෂ්‍යත්වය විතරක් අපි ඉතිරි කරමු.

ලෝකයට අපි දෙන යහපත් බව ආයෙත් පෙරලා අපිටම ලැබෙනවා.

එතනදී හිතකට ලැබෙන සතුට මිල කරන්න බැරි වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: