hit counter

2026 අප්‍රේල් මස 24 වන සිකුරාදා

2026 අප්‍රේල් 25, පෙ.ව. 12:29



මහ දවල් ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය කොල්ල කාල තියනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ කොලඹ මහාධිකරණය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“මහ දවල් ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය මංකොල්ල කාල තියනවා.දැන් අර පික්පොකට් න්‍යායනේ මේ ආණ්ඩුවත් කරන්නේ. පොකට් ගහන පික්පොකට්කාරයා තමයි මෙන්න හොරෙක් කියලා දුවන්නෙ. පික්පොකට්කාරයා කියන දේ අහලා අහිංසක මනුස්සයා පස්සේ දුවනවා. පොකට්කාරයා හිමිට පික්පොකටුත් ගහලා මාරු වෙලා යනවා. ආණ්ඩුවත් ඒ වගේ ආපු දවසේ ඉඳලා එක පැත්තකින් කන්ටේනර් තුන්සීය විසිතුනක් පැන්නුවා කුඩු කන්ටේනර් වරායෙන් පැන්නුවා.

අනිත් පැත්තෙන් ගල් අඟුරු සම්බන්ධයෙන් මේ වනකොට විගණනාධිපතිවරියගේ වාර්තා දිහා බලනකොට  වාර්තාව බැලූ බැල්මටම ප්‍රශ්නයක් තියෙනවා කියලා.

ඒවගේම දැන් මුදල් අමාත්‍යාංශයේ එකවුන්ට් එකෙනුත් සල්ලි හොරකම් කරලා. දැන් දිට්වා සුළි කුණාටුවට අසරණ වෙච්ච ජනතාවට වන්දි දෙනකොට ප්‍රශ්න දාහක් අහනවා. ඒ ප්‍රශ්න හොයනවා ඇත්තද කියලා. ඉඩමේ හිමිකාරයා බලනවා, හිටියද කියල බලනවා, පදිංචිය හොයනවා අන්තිමට දීපු චෙක් එකෙත් මුදල් නෑ. 

හැබැයි මුදල් අමාත්‍යංශයේ ඊමේල් එකකට මේල් එකක් ඇවිල්ලා ආපු විගස ඩොලර් මිලියන දෙකයි දශම පහක් ගෙවනවා. මෙහෙම වෙන්න බෑනේ  කොහොමද එහෙම වෙන්නේ මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා වගේම මුදල් ලේකම්වරයා මේ දෙන්නා නොදැනුවත්ව වෙන්න බෑනේ.

අද පැහැදිලිවම අහිංසක ජනතාව රවට්ටලා ජනතාව මුලාවෙ දාලා ජනතාවට බොරු පොරොන්දු දීල තමන්ගේ දේශපාලන පැවැත්ම සහ තමන්ගේ පැවැත්මට අවශ්‍ය තීන්දු තීරණ පමණක් අර ගන්නවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: