2022 අගෝස්තු 01, ප.ව. 12:41
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව හැමෝම දන්නා කියන කාරණයක්.
අනතුරින් ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලේ අස්ථි දෙකකට සහ පෙනහළුවලට හානි සිදුව ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා සඳහන් කළා.
ඒ වගේම මේ වන විට ගොඩක් දෙනෙක් ඔහුට ඉක්මන් සුව පතන්න අමතක කරන්නේ නැහැ.
ඔහුගේ දේශපාලන මතය ගැන ගොඩක් දෙනෙක් බොහෝ දේ පවසනවා.
මේ ශෝකය තව තවත් දෙගුණ තෙගුණ කරමින් පෙරදින ජැක්සන් ඇන්තනි මහත්මයා අපි අතරින් සමුගත්තා කියන ව්‍යාජ නිවුස් කීපයක්ම සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා.
මේ පුවත් දැක්ක සැනින් එසැනින් මාධවී ඇතුළු ජැක්සන් මහත්මයාට ආදරය කරන ගොඩක් දෙනෙක් මේ වගේ අසත්‍ය පුවත් ප්‍රකාශ කරන්න එපා කියන ඉල්ලීමක් සියල්ලෙන්ම ඉල්ලුවා.
මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී ගේ පවුලේ වැඩිමල් දියණිය ඒ වගේම වැඩිමහල් දරුවා.
ඔහු සහ ඇය අතර තියෙන්නේ ලොකුම බැඳීමක්.
ඒ නිසාම මේ වගේ වැරදි ප්‍රචාරයන් ප්‍රචාරය වෙද්දී ඇයට ඒක දරාගන්න අමාරුයි.
ඒ නිසාම ඇය කියනවා මම හිනා හිනාවෙන්නෙ කොහොමද අප්පච්චි ඔයා නැතුව ඒ වගේ එම වගේම ඇගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුනා වගේ ලු.
ඊට අමතරව ඇයගේ ජීවිතේ ආරක්ෂාව ජීවිතය ශාන්තිකර්මය ජීවිතය හයිය වෙලා තියෙන්නේ ආදරණීය තාත්තා.
ඉතින් ඒ පිළිබඳව හරිම සංවේදී සටහනක් මාධවී තමන්ගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.
ඒ සටහන පහතින්,
හිනාවෙන්නෙ කොහොමද අප්පච්චි එනකන් මං එහෙම?
මල්ලිලාටත් එහෙමයි…
මගෙ ලෝකෙම කඩන් වැටෙද්දිත් මං ගණන් ගත්තෙ නෑ.
මං ආඩම්බරයිලු චූටි කාලෙත් අම්මගෙ යාලුවො මට විහිලු කරද්දි මම කිව්වලු,
“දන්නවද මගෙ අප්පච්චි කව්ද කියලා? මම ජැක්සන් ඇන්තනීගෙ දුව!”
ඒ මගෙ ආරක්ෂාව. මගෙ සුරේ. මගෙ ශාන්තිකර්මය. මගෙ හයිය!
“මං පුතාට ඉන්නවා” කියන්න කෙනෙක් හිටපු නිසා.
හිත රිදුනම හදන්නත්, මේ වයසෙදිත් ලෙඩ වුනාම මං එක්ක ඉස්පිරිතාල යන්නත්, රට ගියාම අප්පච්චි ට කිසිවක් නොගෙන සූට්කේස් පිරෙන්න අපිට තෑගි ගේන්නත්, බඩගිනි නැතුවත් ආසාවට “කචඩ” ගෙනත් දෙන්නත්…
ඉස්සර ඉඳලා අප්පච්චි ගෙදර එද්දි අපි දුවනවා ඉස්සරහට
“මොනා ගෙනා.. මොනා ගෙනා??” කියාගෙන
යෝගට්, ලොකු කිසස්, උඳු වඩේ, තල ගුලි, බූන්දි, පුහුල් දෝසි…
මං “කෑමදාස” අප්පච්චිගෙ.
“මේකි පොල් ලෙල්ලක් ඉව්වත් රහයි” මට කියලා කෑම හදාගන්න ආසයි නේද?
අනික් අය යාලුවො එක්ක එළියේ “සෙට් වෙද්දි” අප්පච්චි ආස ගෙදර අපි එක්ක සෙට් වෙන්න. කන්න බොන්න සිංදු කියන්න දරු හුරතල් බලන්න.
ඔව් මම අවුරුදු 20 ඉඳන් මෝඩ වැඩ කරද්දිත්, හීනෙන්වත් නොකරපු වැරදි කළා කියල යාලුවො එක්ක ජෝඩු කරලා ඉරිසියාකාර අවලම් මිනිස්සු එයාටත් එක්ක පද හදද්දිත්, මම කටුසු කරේ රත්තරං බඳිද්දිත්,
මාව බදාගෙන “වාතෙ!” කිව්වෙ ආදරේ නිසා බව දන්නවා.
අපිව ගෙන්නගෙන සිංදු කියවගත්තෙ මුළු අයිසීයූ එකටම ඇහෙන්න ආඩම්බරෙන් නයි අරින්නත් එක්ක බව අපි දන්නවා..
“හිත යට මතක පොතේ පිටු මත සිහින පිරේ” මං ආසම ඒ කෑල්ලට” විසි පාරකට වඩා කියන්න කිව්වා
“අපි තමයි අපිව දන්නේ!”
“දුවට එන්න කියන්න” අන්තිමටත් එහෙම කිව්වෙ ඇයි කියලා මම දන්නවා…
අද මං ඉන්නෙ අඳුරේ ලොකු බයක!
නැගිටින්නකො අපාච්චි මට පාලුයි…
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05