hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2024 පෙබරවාරි 22, පෙ.ව. 12:01



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

නිල්මිණි තෙන්නකෝන්ගෙන් ඉවත්ව මේ වෙනකොට එරන්දි එන් සිරිවර්ධන සමග ජීවිතය ගෙනියනවා.

මධුමාධව අරවින්ද ගැන දන්නා නිසාම ඔහුගේ මේ කතා විහිළුවක් ස්වරූපයෙන්ම ගන්න, ඔහු වටා රොක්ව ඉන්න පිරිස දැන් හුරුවෙලා.

පසුගිය දවසක සිය ඉපැරණි බිරිඳ වන නිල්මිණි තෙන්නකෝන් ගැන මතක අවදි කරමින් මධුමාදව වෙනස්ම විදිහේ සටහනක් මුහුණු පොතට එක් කොට‌ තිබුණා.

‘නිල්මිනී නැති උනාට උකුලේ ටැටූව තවම තියෙනවා කකුලේ…. ලී මිටියෙන්.. එක තිතකට එක පාරක් කෙටූව ලංකාවෙ ගායකයෙක් මුලින්ම ගහපු ටැටූව නිල්මිනි දැනන් නොහිටිය.. ටැටුවේ ඇත්ත කතාව…. වර්ශය 1997 (වසර 27 කට පෙර)රට ලෙබනනය..ටැටූව ගැහුවෙ.. අස්දික් නම් සිරියානු සෙබලෙක්..ලී මිටි පාරට කකුල දීගෙන හිටියේ.. මදු මාදව ටැටූ වින්ද.. මම හිතනව ලංකාවෙ ගායකයෙක් ගහපු පලමු ටැටුව… ඒ.. වැරදිනම් නිවරදි කරන්න.. සාක්කියට නිල්මිනි තෙන්නකෝන් , සමන් සිල්වා සංගීත කන්ඩායම, දනපාල උඩවත්ත සහ ප්‍රසංගය කල ලෙබනන් අනුර. අද කාලේ ටැටූ ගහන්න නූතන උපාංග තිබ්බට.. මගෙ පලමු ටැටූව ගැහුවෙ ලී මිටියකින්… එක ඉරකට මිටි එක පාරයි. (අදටත් ඒ ක්‍රමය තියෙනවා ඊජිප්තුවේ , අප්‍රිකාවෙ) ඉතිං ටැටූ ගැන එවකට ලොකු දෙයක් නොදන්න මම ඕනෙ මගුලක් කියල කකුල දීගෙන හිටියා……’

‘ටැටුව ගහපු අස්දික් , කුබුරක් කොටන්න වගේ පොඩි පොඩි ආයුද ටිකක් බෑග් එකෙන් එලියට ගන්නකොට… මට හීන් දාඩිය දැම්මා… යකෝ මිටි පාරවල් කාගෙන කැටයමක් වෙන්න මම ඉසුරු මුනියෙ ගල් කැටයමක් ද…බැදල අවුරුදු දෙකක්නෙ…නිල්මිනිත් එහා පැත්තෙන් ඉන්නවා.. තම වීර ටැටුවා දිහා බලාන..ටැටුවක් ගහගන්න ඕනෙ කියල අනුරට දුන්න වදේ හැටියට ගහපු කයිවාරු වල හැටියට..මේ අසරනයට හැරෙන්න බෑ….’

‘මට පස්සෙ ටැටූ ගහගන්න වීර කතා කියපු සමන් අයියගෙ බෑන්ඩ් එකේ නසරානි මල්ලිලා දෙන්නා පලමු මිටි පහර ගහනකොටම එක පාරට කක්කි බරක් ආව කියලා හෝටලේට ගියා මේ අසරයාව තනි කරලා….මම ජේසුතුමා මතක් කරගෙන දුක ඉවසන්න පැතුවත් මන් දෙවියන් වහන්සෙගෙ පුතා නෙවෙයි කියල අර වල් වනචර ටැටූ ගහපු අසදික්කා ගහපු පලවෙනි මිටි පහරින් මට පසක් කලා….නිල්මිනී තම සැමියාගේ නිර්භීත කම ගැන උජාරුවෙන් අනික් අයට කියද්දී…මාව මෙතනට එක්කන් එන්න කියල මම කියද්දි, බෑ නොකිව්ව අනුර , ටැටූ අසදික් ප ර යා වාහනෙ එලවන් ආව එකා, පැනල ගිය අපේ උන් දෙන්නාට වැහි නැති හෙ න ඉල්ලමින් මගෙ අහිංසක පපුව වැලලෙමින් තිබ්බේ..’

‘ගහන ගහන මිටි පාරට.. ලෝකෙ කොහේ හරි ඉන්න අම්මෙක්ට දරුවෙක් හම්බෙන්න ඇති..මේ ලෝකෙම විසාල වැසිකිලියක් උනානම්, ගහන, ගහන ලී මිටි පාරට මම දුව දුව මුලු ලෝකෙම චූ දානවා කියල හිතුනා…හිතුන කුනුහරුප කන්දරාව එවරස්ට් කන්දට වඩා උසයි…හදවතින් වැලපුනාට ටැටූ මිටි පහරට, මූනෙන් මම ලොකු පොරක් වගේ හිටියේ….ජීවිතේත් එහෙම තමා…. වීරයෙක් වගේ පෙන්නුවට ,, සමහර දවස් වල වීරයා මැරුනා..එදත් අදත් හෙටත්….අපි සමහර වෙලාවට බයම වෙලාවට බය නෑ වගේ පෙන්නනවා….එදා ටැටුව ගහල හෝටලේට ගිහාම පාන්දර වෙනක්ම් ඇදුම් දුන්න කකුලේ වැස්ලින් ගෑව ඇය… අද නෑ ජීවිතෙ නෑ….ටැටුව තියෙනවා….එදත්, ඈ දැනන් හිටියෙ නෑ..මන් බයන් වේදනාවෙන් හිටියේ කියල එදත්…අපි දෙන්න දික්කසාද වෙන්න දෙන්නගෙ කැමැත්තෙන් තීන්දු කරපු 2003 අද වගේ දවසක….2003/02/21 දා අවසන් තීන්දුව දින දාහතරෙන් දෙනවා කිව්ව…ගල්කිස්ස උසාවියෙ හිටියෙත්…කිසිම බයක් නැති වීර මිනිහෙක් වීරයෙක් වගේ.එදත් මගෙ පපුව බය වෙච්ච තරම,ගැහිච්ච තරම වේදනා උන තරම…ඇය දැනන් හිටියේ නෑ…..එදත් මගෙ පොඩි එකා කෑ ගහල ඇඩල ඇගෙන් ඇහුව ප්‍රශ්නය….මගෙ කටින් පිට උනේ නෑ…වාහනේට ඇවිත් අනික් ඔක්කටම එලියෙන් ඉන්න කියල මන් පුපුරන්න,වගේ එන ඔලුව අල්ලගෙන වාහනේ දෙදරන්න කෑ ගහල ඇඩ අඩා ඇහුව ප්‍රශ්නෙ…..’

‘ඇයි…. ඇයි… ඇයි…..දෙන්නෙක් වෙන් වෙනකොට මොකා ගෙ හරි පැත්ත අරන් කිරන උන් දන් නෑ… ඇත්ත ආදර කතා මරනකොට මරල දාන කොට… උන් දෙන්නම නොමැරී මැරෙනවා..උන් දෙන්නම පව්… මේ කතාව සීනි බනිස් ට කියපු දා..ඈ හීල්ලුව….ඈ හොරෙන් කදුලු පිහගත්තා..නිල්මිනි අක්කගෙත් ඒ බය නැති වෙන්න කියල ඈ පැතුවා…අනෙ මගෙ මහත්තයෝ කියලා…ලොකු හුස්මක් පිට කරා.. නමක් නැති..ඇය මට තුරුල් වෙලා කිව්වා..සත්තයි මන් ඔයාව බය කරන්න නෑ..මාවත් බය කරන්න එපා මට ඔයා ඇරෙන්න අම්ම අප්පවත් නෑ කියලා….මමත් කිව්වා…මම මූනෙන් පෙන්නන දේ කියවන්න එපා..මගෙ පපුවෙ පොඩි එකෙක් ඉන්නවා හරිම අසරන වෙලාවකට අන්න ඒකව පරිස්සම් කරගන්න පන කියලා…ඈ තවම ඒ පොඩි එකාව නලවනවා..මේම ඒවා මට ලියන්න දෙනවා..අතීතයට ගරහන කිසිම ගහක මල් පිපෙන් නෑ. ඇය නැති උනත් හීනයකවත් මගෙ උකුලේ… ටැටු කැලල සතුටෙන් මගෙ කකුලේ… ඇයත් සතුටෙන් ජීවත් වේවා.. මට හැමෝටම කියන්න තියෙන්නෙ… කැලැල් දැක හිනහෙන්නෝ තුවාල නොලද්දෝ මය කියලා…පරිස්සම් කරගන්න කැලල්.. ඒවා පාඩම්… වසන්තයට යන පාරේ.. මදු මාදව කැලැල්වින්ද’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: