hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 20, පෙ.ව. 8:20



සංවිධානාත්මක අපරාධ හරහා සැක සහිත ලෙස ඉපයූ වත්කම් සහ ඉපයූ ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි ගණනක දේපළ හිමි බවට චෝදනා ලැබ සිටිනා පියුමි හංසමාලී නම් නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා රහස් පොලිසියට අවසර ලබා ලබා දී ඇත.

මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය විසින් කළ ඉල්ලීමක් අනුව බව වාර්තා වෙනවා.

සංජය මහවත්ත ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපතිවරයා විසින් සිදු කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

2006 අංක 6 දරණ මුදල් විසුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශනය සිදු කරනා අතර රහස් පොලිසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාවරයා බැංකු ගිණුම් වාර්තා කැඳවීමට පොලිසියට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.

මේ වනවිට කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචිව සිටිනා සැකකාර නිරූපිකාව රුපියල් ලක්ෂ 800කට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම,කොළඹ 7 නිවාස සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 1480ක නිවසක් මිලදී ගැනීම,කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙනා බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: