hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 10:40



පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් අනතුරුව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක සිය මුහුණු පොතට සටහනක් එකතු කර තිබෙනවා.

මෙම සටහන වඩාත් කතාබහට ලක්වීමට, ජනාධිපතිවරණයට පෙරාතුව ඔහු අනුර කුමාර දිසානායක මහතාගේ විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳව කළ කතාබහ ද හේතු වුණු බව සඳහන් කළ යුතුමය.

”ආදරණීය අනුර අයියේ,

කැලණිය විශ්ව විද්‍යාලයේ 1993 වසරේ රොනී කුමාර (පොල් වත්ත) නේවාසිකාගාරයේ හයවෙනි කාමරයේ කෙලවරේ ඇඳේ හිටපු ඔබ අද රටේ ජනාධිපති ලෙස පත්ව ඇත. එතරම් ළඟින් ඇසුරු කළ ඔබ රටේ ජනාධිපති වීම මට ජීවිතයේ අත්විදි ලොකුම සතුටකි.

දේශපාලනයේ දී පසු ගිය කාලයේ ලැබූ අමිහිරි අත්දැකීම් මත, ලංකාවේ සමහර මිනිසුන් පිළිබඳ ඇතිවූ කලකිරීම හේතුවෙන් සක්‍රිය දේශපාලනයට සහභාගී නොවුනත්, ඔබේ ජයග්‍රහණය මම සැබැවින්ම ප්‍රාර්ථනා කළෙමි. ඒ පිළිබඳ මට කල හැකි නිහඬ සේවය ඉටු කළෙමි.

එමෙන්ම, විශ්ව විද්‍යාල ජීවිතයේදී ඔබ සමඟ වෛරයෙන් පසුවූ ඇතැමුන් පසුගිය කාලයේදී ඔබේ ළඟම උදව්කරුවන් වී සිටින බව දැකීම මට සතුටක් ලබා දී ඇත.

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සියලු ජනතාව වෙත මහත් වගකීමක් පැවරී ඇත. එනම්, නව ජනාධිපතිතුමාට සහයෝගය දැක්වීමයි.

ජනාධිපති ධුරයට පත්වීමට වඩා බැරෑරුම් කාර්‍යක් වන්නේ දෙස් විදෙස් කුමන්ත්‍රණවලට මුහුණ දීමයි. ඒ අභියෝග ජය ගැනීමට ඔබට ශක්තිය හා දෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

-තිස්ස ජනනායක-

2024.09.22”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: