hit counter

2025 අගෝස්‍තු මස 18 වන සඳුදා

2025 අගෝස්‍තු 19, පෙ.ව. 12:06



වාහන ආකෘති ලෝක­යට විකු­ණන අපේ තරු­ණයා…

ශ්‍රී ලංකා­වට පම­ණක් නොව ලොව බොහෝ රට­ව­ලට ප්ලාස්ටික් භාණ්ඩ ආන­ය­නය කෙරෙ­නුයේ චීන­යෙනි. ඒ ආකා­ර­යෙන් ලෝකයේ බොහෝ රට­වල වැසියෝ චීනයේ ප්ලාස්ටික් පරි­හ­ර­ණය කරද්දී ඊට අභි­යෝ­ග­යක් වන්නට අපේ රටේ තරු­ණ­යෙක් උත්සාහ කිරීම පැස­සිය යුත්තකි. රුවන් චානක නම් මේ තරු­ණයා වාහ­න­වල ආකෘති නිර්මා­ණ­යෙන් මේ වන විට අපේ රට පම­ණක් නොව ලොව බොහෝ රට­වල පාරි­භෝ­ගි­ක­යන්ගේ අව­ධා­නය දිනා ගෙන තිබේ.

බස් රථ, කාර්, ඩෝසර්, එස්කැ­වේ­ටර්, නැව් ආදී බොහෝ රථ­වා­හන ආකෘති ඔහු අතින් නිර්මා­ණය වෙයි. පී.වී.සී. ෆෝම් බෝඩ්, ඇලු­මි­නි­යම් තහඩු, ප්ලාස්ටීක් සීට්, වය­රින් උප­ක­රණ, තීන්ත ආඳි අමු­ද්‍රව්‍ය ඇසු­රින් නිමැ­වෙන මෙම රථ­වා­හන ආකෘ­ති­ව­ලට වැඩි ඉල්ලු­මක් ඇත්තේ අමෙ­රි­කාව, කැන­ඩාව, ඉතා­ලිය වැනි බට­හිර රට­ව­ලින් වීමද විශේ­ෂ­ත්ව­යකි. සම්පූ­ර්ණ­යෙන්ම අතින් නිර්මා­ණය වන මෙම ආකෘති සඳහා විදේ­ශීය වෙළෙ­ඳ­පොළේ ඉහළ ඉල්ලු­මක් ඇති බව චානක පව­සයි.

ඔහු නිර්මා­ණය කරන රථ­වා­හ­න­වල ලාම්පු පද්ධති, දුනු­කොළ, අසුන්, දොර­වල් ඇතුළු සියලු උපාංග සැබෑ වාහ­න­යක් ආකා­ර­යෙන්ම නිර්මා­ණය කිරීම කැපී පෙනෙයි. සාමාන්‍ය වාහ­න­යක් පින්තාරු කරන ආකා­රයෙන්ම පින්තාරු කෙ‍ෙරන මෙම වාහන අතර නවී­ක­ර­ණය කරන ලද බස් රථ­යක් රුපි­යල් පන­ස්ප­න්ද­හසේ සිට මිල ගණ­න්ව­ලට අ‌ලෙවි කෙරෙයි. සාමාන්‍ය ලෙස ලේලන්ඩ් බස් රථ­යක් සාදා නිම කිරී­මට දින 20ක්, ජේ.සී.බී. යන්ත්‍ර­යක් සාදා නිම කිරී­මට දින 14ක්, එස්කැ­වේ­ට­ර­යක් සාදා නිම කිරී­මට දින 18ක් පමණ ගත වන බව චානක අප සමඟ කියා සිටි­යේය.

චානක, මෙම රථ­වා­හන ආකෘති නිර්මා­ණය කිරීම ආරම්භ කර ඇත්තේ හය හතර තේරෙන අව­ධියේ සිටය. එනම් අවු­රුදු 7, 8 වයස පසු කරන චානක කාඩ්බෝඩ් අනු­සා­ර­යෙන් බස් රථ නිර්මා­ණය කර­න්නට හුරු වී තිබේ. අන­තු­රුව ඔහුගේ මවුපි­යන්ගේ සහ­යෝ­ග­යෙන් නිර්මා­ණය කරන ලද එස්කැ­වේ­ටර් යන්ත්‍රයකට පාසල් ප­්‍රදර්ශනයකදී පළමු වැනි ස්ථානය හිමි ව ඇත. ඒ වන විට ඔහු 5වැනි ශ්‍රේණියේ ඉගෙ­නුම ලැබූ බව ඔහු පව­සයි.

වඩු කාර්මි­ක­යකු වූ පියා­ගෙන් මෙන්ම නව නිපැ­යු­ම්ක­රු­වෙක් වූ සිය වැඩි­ම­හල් සොහො­යුරු කුෂාන් චින්ත­ක­ගෙන් ලැබූ ආභා­සය සිය ගම­නට පන්න­ර­යක් වූ බව චානක අප සමඟ කියා සිටි­යේය. වෘත්ති­යෙන් ජේ.සී.බී. යන්ත්‍ර ක්‍රියා­ක­රු­වකු වන ඔහු රථ වාහන ආකෘ­ති නිර්මාණය ව්‍යාපා­ර­යක් ලෙස ආරම්භ කරන්නේ ලොවක් වෙළා ගත් කොවිඩ් වසං­ගත සම­යේ­දීය. ඒ කාලයේ රැකි­යා­වෙන් මෑත්ව ලද විවේ­කය ප්‍රයෝ­ජ­න­යට ගත් චානක සිය බිරිය දිල්හා­රි­ගේද සහ­යෝ­ගය ඇතිව රථ වාහන ආකෘති නිර්මා­ණය කිරී­මට පටන් ගෙන තිබේ. රටට විදේශ විනි­මය ලබා දෙන ව්‍යාපා­ර­යක හිමි­ක­රු­වකු වන චානක තමා සතු දැනුම ආධු­නි­ක­යන්ට ලබා දීමට කැමැ­ත්තෙන් පසු­වන බව අප සමඟ කියා සිටි­යේය.

“චීනය ඇතුළු රට­ව­ලින් ප්ලාස්ටික් භාණ්ඩ ගෙන්වන්නේ නැතිව ඉව­ත­ලන ද්‍රව්‍ය ප්‍රති­ච­ක්‍රී­යක­ර­ණය කර අපේ රටේ මෙවන් නිෂ්පා­දන බිහි කිරීමේ සැල­සු­මක් මා සතුව තිබෙ­නවා. පාසල් හැර යන දරු­වන්ට, ඉණෙන් උඩ සිරුර ක්‍රියා­කාරී ආබා­ධිත රණ­වි­රුවන් ඇතුළු ආබා­ධිත අය­ව­ලුන්ට මෙම වෘත්තිය ඉගැ­න්වීම සඳහා ඇක­ඩ­මි­යක් ඇර­ඹී­ම­ටද මා බලා­පො­රොත්තු වෙනවා. ඒ සඳහා අප නිමැ­වුම් සංග­මයේ තවත් නිර්මා­ණ­ක­රු­වන් දස දෙන­කුද ශ්‍රම දාය­ක­ත්වය ලබා දෙන්නට බලා­පො­රො­ත්තු­වෙන් සිටි­නවා. ඉතින් ඒ සඳහා රජයේ හෝ වෙනත් පෞද්ග­ලික ආය­ත­න­යක අනු­ග්‍ර­හ­යක් හිමි වන්නේ නම් එය අපට ලොකු ශක්ති­යක්”

පසිඳු මිහි­රාන් රැටි­යල

– දිනමිණ ඇසුරිනි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: