hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 මාර්තු 17, පෙ.ව. 8:06


බස් අනතුරකින් අයෙක් මරුට – 37ක් රෝහලට 

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් 38 දෙනෙකු රැගත් බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

එම අනතුරින් රියදුරු ඇතුළු 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් අයෙක් මියගොස් ඇත.

ඊයේ (16) සවස් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ, පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය, යහලතැන්න ප්‍රදේශයේදීය. 

බැතිමතුන් රැගත් බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් තිබියදී බස් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මීටර් 15ක් පමණ බෑවුමකට ලිස්සා ගොස් බස් රථය ගසක ගැටී එම අනතුර සිදුව තිබුණි.