hit counter

2025 ඔක්‍තෝබර් මස 28 වන අඟහරුවාදා

2024 ජූනි 11, පෙ.ව. 10:14


බස් වෑන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

අද (11) උදැසන හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, දියගල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් අයෙකු මෙසේ බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙසේ මුහුණට මුහුණ ගැටී ඇත්තේ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු වෑන් රථයකි.

අපරික්ෂාකාරීව අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථය ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පෞද්ගලික බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලින් හෙලිව ඇත.