2022 ජූනි 07, පෙ.ව. 8:35
කොළඹ වානිජ මහාධිකරණයේ නියෝගයක් මත කටුනායක ගුවන් තොටුපළ තුළ රදවා තබා තිබූ රුසියාවේ එරොෆ්ලොට් ගුවන් යානය ඊයේ (06) සවස 06.11 ට කටුනායක ගුවන් තොටුපළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව ගියා.
මෙම එස්.යූ.- 289 දරන ගුවන් යානය රුසියානු ගුවන් නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලය 05 දෙනෙකු පමණක් මෙම ගුවන් යානය සමග පිටත් වී තිබුණා.
ඊයේ (06) සවස 05.30 ට පමණ රුසියානු ගුවන් යානා තාක්ෂණික ඉංජිනේරුවරුන් පිරිසක් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා තාක්ෂණික නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් ගමන සදහා ගුවන් යානය සූදානම් කිරීම ආරම්භ කර තිබුණා.
කොළඹ වානිජ මහාධිකරණය විසින් ඉකුත් ඊයේ (06) දහවල් මෙම ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණා.




කටුනායක – ටී.කේ.ජී.කපිල
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53