2022 ජූනි 07, ප.ව. 7:19
රුසියානු එයාරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් ගුවන් යානය රදවා තබා ගැනීමේ සිද්ධියට අදාළ චෝදනාවට ලක්ව සිටින කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මේ බව සඳහන් කර තිබෙනවා.
රුසියානු එයරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් A330 ගුවන් යානය රදවා තබා ගැනීමේ සිද්ධියට අදාළ කොළඹ වාණිජ මහාධිකරණය මගින් නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාවේ යෙදවීමේදී අධිකරණ ක්‍රියාවලිය අයුතු ලෙස යොදවා ගෙන ඇති බවට අදාළ නිලධාරියාට චෝදනා එල්ල වී තිබුණා.
මේ අතර, මෙම සිද්ධියට අදාළව චෝදනා ලබා ඇති නීතිඥවරයාට එරෙහිව පියවර ගැනීම සුදුසු බව දන්වමින් අග්‍රවිනිශ්චයකාරවරයා වෙත දන්වා යැවීමට ද අධිකරණ අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11
2026 පෙබරවාරි 02, පෙ.ව. 10:26
2026 ජනවාරි 23, ප.ව. 3:58
2026 ජනවාරි 23, ප.ව. 12:39