hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 22, ප.ව. 12:58


පූජ්‍ය උලපනේ හිමි ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීමේ චෝදනා මත ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වෙනවා.

අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (22) පැවති අදාළ නඩු විභාගය සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් සහභාගී වී තිබුණි.

එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වෙනවා.