hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 මැයි 11, ප.ව. 8:53


ඇඳිරි නීතිය පැනවීමේ තීන්දුවේ වෙනසක්

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12) පෙ.ව 07.00ට ඉවත් කෙරේ.

එය ප.ව. 02.00ට යලි පැනවෙන අතර පසුදින (2022-05-13) පෙ.ව. 06.00 දක්වා බල පැවැත්වෙනවා.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර හිමි වන්නේ නැහැ.