2022 ජූනි 30, ප.ව. 2:39
රටේ වත්මන් තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජයට වහා ඉවත්වන ලෙස බල කරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරින් කණ්ඩායමක් විසින් අද (30) ගාලුකොටු පවුර මතදී විරෝධතාවයක නිරත වු අතර එහිදී යුද හමුදාව හා පොලීසිය විසින් විරෝධතාකරුවන් ඉවත් කිරීමට යාමේ දි උණුසුම් තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා.
යුද හමුදාව හා පොලීසිය තම අත තිබූ පෝස්ටර් ඉරා දැමීමට උත්සාහ කළ බව විරෝධතාකරුවන් පවසනවා.
ගාලුකොටු පවුර යනු ඕනැම පුද්ගලයෙකුට නිදහසේ ප්‍රවේශ වීමට ඇති ස්ථානයක් බවත් පුද්ගලයකුගේ අදහස් ප්‍රකාශ කිරිමට බාධා කිරිමට පොලිසියට හෝ යුද හමුදාවට අයිතියක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිතිඥ ජි.එච්.අජිත් කුමාර මහතා එහිදී පැවසුවා.
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්‍තෝබර් 02, ප.ව. 5:04