hit counter

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා

2023 මැයි 15, ප.ව. 4:03


කළුතර දැරිය මිය යාමේ සිද්ධිය: සැකකාරියකට ඇප

කළුතර ලැගුම්හලක තුන්වන මහලෙන් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් හතරදෙනෙකු අද අධිකරණය වෙත රැගෙන ඒම සිදුවුණා.

මියගිය පාසල් සිසුවිය අදාළ ලැගුම්හලට රැගෙන ආ ඇගේ 19 හැවිරිදි මිතුරිය සහ පෙම්වතා මෙන්ම ඔවුන් ගමන් ගත් මෝටර් රථය රැගෙන ගිය රියදුරා සහ ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ මෙලෙස අධිකරණයට රැගෙන එනු ලැබුවේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.

එහි දී ටිහාරාගේ මිතුරිය, ඇගේ පෙම්වතා සහ රියදුරු ලබන මස 26 දක්වා රිමාන්ඩ් බන්ධනගාර ගත කර තිබෙනවා.

ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳට ඇප හිමිව තිබෙනවා.

කළුතර දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය එහිදී නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ මුදාහැරීමටයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන, දැරිය මියයන අවස්ථාවේ ඇය සමඟ ලැගුම්හල තුළ රැදී සිටි පුද්ගලයා මේ වන විට පසුවන්නේ රිමාන්ඩ් භාරයේයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: