hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 15, පෙ.ව. 10:49


කෙහෙළිය අද අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (15) යළි මාලිගාකන්ද මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

පසුගිය 2 වනදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.

පසුව හිටපු අමාත්‍යවරයා වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව සඳහන්.