hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 ජනවාරි 29, ප.ව. 4:05


පරුෂ වචනයෙන් පොලිසියට තග දැමූ තරුණියක් අත්අඩංගුවට

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් යැයි කියමින් කාන්තා පොලිස් සැරයන්වරියකට පහරදුන් 31 හැවිරිදි කාන්තාවක් ගන්දර පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගන්දර පොලිසියේ ත්‍රිරෝද රථයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් පොලිස් ස්ථානය කරා පැමිණ සිටියෙදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් පොලිස් ත්‍රිරෝද රථය අනතුරට ලක් කිරීමට උත්සාහ දරා ඇත.

මෙම කාන්තාව අධික වේගයෙන් පැමිණ තිබෙන බවත්, ඇයට වේගය පාලනය කරගත නොහැකිව අනතුරට ලක්වීමට ගිය බවත් ගන්දර පොලිසිය සදහන් කරයි.