hit counter

2024 මැයි මස 22 වන බදාදා

2022 අප්‍රේල් 15, ප.ව. 1:32


ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

පාරිභෝගිකයින් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව යතුරුපදියකට නිකුත් කරනු ලබන්නේ  රුපියල් දහසක ඉන්ධන පමණයි.

ත්‍රිරෝද රථයකට රුපියල් 1500ක් සහ මෝටර් රථ සහ ජීප් රථ සඳහා එක්වරකට නිකුත් කරන්නේ රුපියල් පන්දහසක ඉන්ධන  පමණයි.

මේ අතර බස්රථ, ලොරි රථ, ට්‍රැක්ටර් රථ වැනි වාණිජ වාහන සදහා මෙම නීතිය බල නොපාන බවයි වාර්තා වන්නේ.