hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 19, ප.ව. 8:38


හෙට නිවාඩු ලැබෙන පාසල් මෙන්න

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට (20) විශේෂ නිවාඩුවක් ලබා දී ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.

ඒ,අයහපත් කාලගුණය හේතුවෙන්.

මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා සඳහන් කළා.

18 දින රාත්‍රියේ සිට 19 අලුයම දක්වා ඇද හැළුන මහ වැසිත් සමග මහකුඹුක්කඩවල, කරුවලගස්වැව, මාදම්පේ, මුන්දලම, පුත්තලම, හලාවත, ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් වසම් වල මෙලෙස පවුල් 4769 ක පුද්ගලයින් 19128ක පිරිසක් මෙසේ පිඩාවට පත්ව ඇති බව .ඔහු කියා සිටියා.

මෙයින් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයේ වන අතර එහි ග්‍රාම නිළධාරී වසම් 11 ක පවුල් 4582 ක පුද්ගල‍ෙන් 18497 ක පිරිසක් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: