hit counter

2026 ජනවාරි මස 08 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 02, ප.ව. 3:14


ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුවරුන් සහ 2021 දෙසැම්බර් 31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ පිරිස එළඹෙන 12 වන දින වනවිට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකියි.

එමෙන්ම ඒ සම්බන්ධව අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන අතර අභියාචනයට යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙනු ලබන බව සඳහන්.