hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2023 නොවැම්‍බර් 27, ප.ව. 7:46


අලුත් ක්‍රීඩා සහ වාරිමාර්ග ඇමතිවරු මෙන්න

රොෂාන් රණසිංහ මහතාව ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍යධුරය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව පත්කර තිබෙනවා.

එසේම පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර තිබෙනවා.

ඔවුන් මේ වනවිටත් දරණ අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව මීට සුළු වේලාවකට පෙර ජනපති ඉදිරියේ මෙම අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබෙනවා.