hit counter

2026 මාර්තු මස 30 වන සඳුදා

2023 දෙසැම්‍බර් 06, ප.ව. 2:11


හිටපු DIG නාලක ද සිල්වා නිදහස් කෙරේ

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළා.

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබුණා.

අද නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ, නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.