hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 17, පෙ.ව. 11:47


දේවගැති ජෙරම් අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් අධිකරණ නියෝගයේ සඳහන් වනවා.