hit counter

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2023 මාර්තු 14, ප.ව. 5:28


පාසල් සිසුන්ට දැනුම්දීමක්

බස්නාහිර පළාත් පාසල්වල හෙට (15) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබූ වාර විභාග කිහිපයක් කල් දැමීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, 9,10,11 ශ්‍රේණි සඳහා 2022 අවසන් වාර විභාගය මෙලෙස කල් දමනු ඇති බවයි.

ඒ අනුව, බස්නාහිර පළාතේ හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ 10,11 ශ්‍රේණි වාර විභාග එළඹෙන 22 වන දා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන් ම, 9 ශ්‍රේණියේ සිසුන්ගේ වාර විභාග එළඹෙන 21 වන දා පැවැත්වීමට සැලසුම් කර ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා

විභාගය පවත්වන කාලසටහන් පහතින්,