hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2024 මාර්තු 11, ප.ව. 5:16


පාසල් මැරතන් තරගයක් අතරතුර පාසල් සිසුවෙක් මරුට

තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක අද  (11) පැවැති ක්‍රීඩා උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ පාසල් සිසුවකු හදිසියේ රෝගාතුරුවී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

රෝගී වූ සිසුවාට ප්‍රතිකාර නොකළැයි චෝදනා කරමින් පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටිනවා.