2022 මැයි 27, ප.ව. 2:53
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශ මහත්මිය එම තීන්දුවට එරෙහි අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඇයගේ නීතිඥවරුන් විසින් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා අදාළ අභියාචනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාර දුන් බවයි වාර්තා වන්නේ.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ශෂී වීරවංශ මහත්මියට අද වසර දෙකක සිර දඬුවම් නියම කළා.
2025 අප්‍රේල් 16, ප.ව. 2:07
2025 අප්‍රේල් 12, ප.ව. 9:20
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:34
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:18
2025 අප්‍රේල් 11, පෙ.ව. 10:56