2023 මැයි 24, ප.ව. 12:07
සිය දරුවා පාසලට ඇරලවා නිවස බලා යමින් සිටි අඹු සැමි යුවළකට අද (24) හබරාදුව හිනටිගල ප්‍රදේශයේ දි එල්ලවු වෙඩි ප්‍රහාරයකින් සැමියා මියගොස් බිරිද බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසනවා.
මියගොස් ඇත්තේ වික්‍රමසෙනරත් යාපාගේ ලක්ෂිත නුවන් කුමාර (38) නැමති හේන්ගෙදරවත්ත, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
දරුවා පාසලට ඇරලවා නිවසා බලා එමින් සිටියදි ත්‍රිරෝද රථයේ පිටු පසින් යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකොට ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි තිබෙනවා.
පිස්තෝලයකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකොට ඇති අතර වෙඩි ප්‍රහාරයත් සමග ත්‍රිරෝද රථය පෙරලි තිබෙනවා.
ඝාතනයට ලක්වු පුද්ගලයාගේ සිරුරට වෙඩි උණ්ඩ 10ක් පමණ වැදි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි තිබෙනවා.
බිරිදගේ ගෙලට වෙඩි වැදි ඇති බව පොලිසිය පවසනවා.
හබරාදුව පොලිසිය පරික්ෂණ පවත්වනවා.
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්‍තෝබර් 02, ප.ව. 5:04