2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 8:33
කාර්යාල දුම්රිය ගමන් වාර 40ක් පමණ අද (13) උදෑසන ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුව දක්වා උදෑසන දුම්රිය ගමන් වාර 15ක් සහ පුත්තලම් මාර්ගයේ සිට කොළඹ දක්වා උදෑසන දුම්රිය ගමන්වාර 04ක් ද ධාවනය කිරීමට නියමිත බව සඳහන්.
එමෙන්ම කැලණිවැලි මාර්ගයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 4ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 17ක් ධාවන කෙරෙනු ඇති.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දුර පළාත්වල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද සහිතව කාර්‍යාලය සේවය සඳහා ගමන් ගන්නා මගීන් වෙත ගමන් වාර යෙදවීමට ද සැලසුම් කර ඇති බවයි.
2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 10:13
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 9:57
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 9:45