hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2022 මැයි 14, ප.ව. 8:11


වැලිගම වෙඩි තැබීමක්

වැලිගම-පැලෑන ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

පුද්ගලයන් කිහිප දෙනෙකු එක්ව වැලිගම පැලෑන ධීවර ශාලාවක මත්පැන් සාදයක් පවත්වමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවටයි වාර්තා වන්නේ

මෙහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.