hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 13, පෙ.ව. 12:06



මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

එහි සමාරම්භක උළෙල මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දි සහ සමාප්ති උළෙල පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රි සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

මෙවර වෙසක් සතිය මැයි මස 21 දින සිට 27 වන දින දක්වා කාලය ලෙසද ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ හේතුවෙන් දිවයිනේ පිහිටි සුරාසැල් දින කිහිපයක් වසා දැමීමට නියමිත බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: