hit counter

2025 ඔක්‍තෝබර් මස 22 වන බදාදා

2023 ජූලි 25, පෙ.ව. 11:21



මෙරටින් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ ඇතැම් සීමා කිරීම් හා අත්හිටුවීම් ලිහිල් කර තිබෙනවා.

2020 වසරේ මෙම සීමා කිරීම් හා අත්හිටුවීම් පැනවීමට පියවර ගැනුණේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීමට හා රට තුළ විදේශ විනිමය සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සඳහායි.

කෙසේ වෙතත් විදේශ විනිමය වෙළෙඳපොළේ වර්තමාන සහ අපේක්ෂිත සංවර්ධනයන් සැළකිල්ලට ගෙන ජාත්‍යන්තර වෙළඳපොළේ ගණුදෙනු වෙනුවෙන් අදාළ ලිහිල් කිරීම් සිදුකළ බව බැංකුව ප්‍රකාශ කළා.

මීට පෙර නිකුත් කරන ලද නියමය යටතේ සංක්‍රමණික දීමනාවට පළමුවරට හිමිකම් කීමේදී යටත් කර තිබූ සීමා වූයේ ඩොලර් 30,000 ක්.

කෙසේ වෙතත් නව නියමය යටතේ එය ඩොලර් 50,000 ක උපරිමයක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම අත්හිටුවා තිබූ ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා මෙරට පිටත ඇති සමාගමක සාමාන්‍ය කොටස්වල ආයෝජනය කිරීම සීමාවක් දක්වා සිදු කිරීමටද නව නියමයන් යටතේ සිදු කළ හැකි වනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: