2022 ජූලි 25, පෙ.ව. 1:00
ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් ඉකුත් වසර 05 තුල ප්‍රමාද ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් 2,606,556 ක මුදලක් ගෙවා තිබෙනවා.
ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවකින්.
එමෙන්ම ප්‍රමාද ගාස්තු වශයෙන් තවත් ඇමරිකානු ඩොලර් 12,644,257ක මුදලක් ගෙවිමට නියමිතව ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.
නලමාර්ගයේ අවහිරතා ගබඩාකරණ පද්ධතියේ ආකාර්යක්ෂමතා හේතුවෙන් නෞකාවකින් තෙල් ගොඩබැමේ දි සිදුවන ප්‍රමාදයන් නිසා මෙකී ප්‍රමාද ගාස්තු මුදල ගෙවිමට සිදුවී තිබෙන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
අවම වශයෙන් මාස දෙකක් සඳහාවත් රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලිමට අවශ්‍ය ඉන්ධන ගබඩා කිරිමට පහසුකම් නොතිබීමද මේ සදහා හේතුවි ඇති බව විගණන වාර්තාවේ සදහන්.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ තොග ගබඩාපර්යන්ත සමාගම එළඹි ගිවිසුම අනුව නල මාර්ගයේ හෝ එහි කොටසක් පිළිගත් ප්‍රමිතින්ට අනුව පවත්වාගෙන යාම සහ මාස දෙකකට අවශ්‍ය ඉන්ධන තොග පවත්වාගෙන යාමට ගබඩා පහසුකම් සැපයිම තොග ගබඩා පර්යන්ත සමාගමේ වගකිමක්.
ඛනිජතෙල් නිතිගත සංස්ථාව සම්බන්දයෙන් 2019 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාව මගින් මෙම කරුනු අනාවරණය කොට තිබෙනවා.
ගාල්ල – ලලිත් චාමින්ද