2023 දෙසැම්‍බර් 15, ප.ව. 3:58
අද පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ 10 ක මිල ගණන් අඩුකිරීමට සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.
පාරිභෝගිකයින්ට මෙම වාසිය ලබන 31 වැනිදා දක්වා හිමිවන බවයි සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඒ් අනුව සුදු සීනි රුපියල් 60 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 275 ක්.
ටින් මාළු(ආනයනික) 425g රුපියල් 55 කින් අඩුකර තිබෙනවා.
එහි නව මිල රුපියල් 595 ක්.
ටින් මාළු(ආනයනික) 155g රුපියල් 10 කින් අඩුකර ඇති අතර එහි නව මිල 280 ක් වනවා.
වටානා කිලෝවක් රුපියල් 225 කට මිලදී ගත හැකියි.
දේශීය අර්තාපල් කිලෝවක් සහ මෙතුපලම් අර්තාපල් කිලෝවක් රුපියල් 300 ට මිලදී ගත හැකි බවයි සතොස ආයතනය නිවේදනය කළේ.
පාන්පිටි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 195 ටයි.
ලංකා සතොස කිරි පිටි 400g රුපියල් 8 කින් අඩුකර තිබෙනවා.
එහි නව මිල රුපියල් 940 ක්.
කඩල කිලෝවක් රුපියල් 535 කටත්, සුදු නාඩු කිලෝවක් රුපියල් 207කටත්, රතු නාඩු කිලෝවක් රුපියල් 218 කටත් මිලදී ගත හැකියි.
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:22
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:10
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 17, ප.ව. 2:33
2026 සැප්‍තැම්‍බර් 17, ප.ව. 12:15
20-09-26
20-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26