2024 ඔක්තෝබර් 09, පෙ.ව. 12:08
වත්මන් රජය විසින් වාහන ආනනය කිරීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් හෝ ස්ථීර වැඩපිළිවෙලක් සකස් කර නොමැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ප්‍රසාද් මානගේ මහතා ඊයේ (08) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.
මෙරටට වාහන ගෙන්වීම කටයුතු කළ ද එහි මිල ගණන්වල විශාල අඩුවීමක් සිදු නොවනු ඇති බවයි, ඔහු කියා සිටියේ.
රුපියල අවප්‍රමාණය වීම, වැට් බද්ද ඇතුළු තවත් බදු වර්ග ඉහළ යාම ඊට හේතුව බව ද ප්‍රසාද් මානගේ මහතා පෙන්වා දෙනවා.
“රජයේ නිලධාරින් සමඟ සාකච්ඡා කළාම අපිට දැනුම්දුන්නේ, තාමත් මේ රජයෙන් වාහන ගෙන්වීම පිළිබඳව කිසිම තීරණයකට හෝ ඒ ගැන සාකච්ඡාවකට ලක්වී නැති බවත් විවිධ ප්‍රකාශ යනවා විවිධ පුද්ගලයන්ගෙන්.
හිටපු රජයේ ඇමතිවරයෙකුත්, තවත් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් පමණයි. සියලු වාහන ආනයනය කරන්න කලින් ලංකාවේ මාස හය හතකට කලින් සාකච්ඡා කළා වාහන ආනයන ක්‍රමවේදයක් හදන්න. ඒකේදී මුලින්ම තීරණය වුණේ, වාහන කාණ්ඩවලට වෙන් කරලා ආනයනය කරන්න. මුලින්ම බස් හා ලොරි ගෙන්වන්න.
අද වෙනකොට රාවයක් යනවා, ඔක්තෝබර් පළමුවැනිදා ඉඳලා බස් සහ ලොරි ආනයනය කරන්න දෙනවා කියලා තාම කිසිම චක්‍රලේඛයක් එහෙම කිසිම ලියකියවිල්ලක්, රජයේ ආයතනයකින්වත්, ඉම්පෝර්ට් කන්ට්‍රෝල් එකකින්, බැංකුවකටවත් ගිහිල්ලා නැහැ.
දැනට සිටින රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කරහම අපිට දැනගන්න ලැබුණේ මේ දැන් දැනට පවතින රජයේ කිසිම තීරණයක් අරගෙන නැති බව.”
2024 දෙසැම්බර් 26, ප.ව. 1:46
2024 දෙසැම්බර් 24, ප.ව. 5:22
2024 දෙසැම්බර් 23, ප.ව. 5:46
2024 දෙසැම්බර් 23, ප.ව. 5:07
2024 දෙසැම්බර් 20, ප.ව. 3:48
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24