hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 05, පෙ.ව. 11:12



කාන්තාවක් විසින් ගල්කිස්ස විජේවර්ධන පාර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් නව දෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසනවා.

දුරබැහැර ප්‍රදේශවල පදිංචි එම කාන්තාවන් කොළඹ ප්‍රදේශයේ රැකියා කරන බව පවසා මෙම ස්ථානයේ රැදී සිටිමින් ගණිකා වෘත්තියේ යෙදෙන බව පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් ගත් සැකකාරියක් මැදවච්චිය, පස්සර, ඕපනායක, මස්පන්න, මන්ඩවිල, මොරටුව, රත්නපුර හා හෝකන්දර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 හා 20 ට අතර පසුවන තැනැත්තියන් බව පොලීසිය ප්‍රකාශ කළා.

සැකකාරියන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා.

බිමල් ශ්‍යාමන් ජයසිංහ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: