hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2023 ජූනි 19, ප.ව. 5:24



දඹුල්ල පොලිස් ස්ථානයේ පොලිස් නිල සුනඛ අංශයේ පුපුරණ ද්‍රව්‍ය විශේෂ මෙහෙයුම් ඒකකයට අනුක්තව සේවය කල බෝනි නම් පොලිස් නිල සුනඛයා හිටි හැටියේ සිදු වූ අසනිප තත්වයක් හේතුවෙන් මියගොස් පොලිසියේ තබා ගරු බුහුමන් දක්වා ඊයේ (18) දින භූමදානය කර තිබෙනවා.

මෙම බෝනි නම් සුනඛයා නෙදර්ලන්තයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කල ජමන් ශෙපට් වර්ගයේ සුනඛයෙක්.

මෙම බෝනි නම් පොලිස් නිල සුනඛයා 2015 තමයි ශ්‍රී ලංකා පොලිස් සේවයේ එක්වන්නේ.

පුපුරණ ද්‍රව්‍ය අංශයෙන් බෝනි ප්‍රභූ ආරක්ෂාව තහවුරු කිරීම වගේම විශේෂ මෙහෙයුම් වලදී තම දායකත්වය සැපයු විශේෂ පොලිස් නිල සුනඛයෙක් බව පොලිසිය කියයි.

මෙම බෝනි නම් නිල සුනඛයා මිය යන විට වයස අවුරුදු 08 මාස 10 වයසක පසු වුණා.

බෝනිගේ අවසන් කටයුතු චාරිත්‍ර අනුව දඹුල්ල පොලිස් ස්ථානාධිපතිතුවරයාගේ අධීක්ෂණය යටතේ දඹුල්ල පොලිසියේ නිලධාරීන් විසින් පොලිස් ස්ථාන භූමියේදී බෝනි නම් පොලිස් අවසන් කටයුතු සිදු කරනු ලැබුවා.

මෙම සුනඛයා භාරව කටයුතු කලේ පො.සැ 61277 – මිලින්ද  සම්පත් මහතා වන අතර නිල සුනඛ අංශ භාර ස්ථානාධිපති  පො.සැ 44309 – සුනිල් කරුණාතිලක මහතා කටයුතු කරනවා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස