hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 11, පෙ.ව. 12:20



අම්පාර ප්‍රදේශයේ මල් ශාලාවකට ඊයේ (10) අලුයම මැර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ මල් ශාලාවේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබෙනවා.

ප්‍රහාරයෙන් මල් ශාලාවේ හිමිකරුගේ පුත්‍රයාගේ පාදයට බරපතළ තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

“බූරු පොඩී” නමැති අයෙකු සමඟ පැමිණි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරනවා.

මේ අතර අදාළ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පහරකෑමට ලක්ව ඇති තරුණයාගේ වැඩිමහල් සොහොයුරා පැමිණිල්ලක් කිරීම සඳහා පොලීසිය ගොස් සිටි බවද වාර්තාවනවා.

මේ වනවිට පහරදීම සිදු කළ පිරිස ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වී වනවා.