hit counter

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 09, පෙ.ව. 12:04



විදුලි සංදේශ නියාමන කොමිසම සඳහන් කරන්නේ ඇමරිකානු ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව නුදුරේදී මෙරට සේවාවන් ආරම්භ කරනා බවයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක සඳහන් කළේ මේ වනවිට ඒ සඳහා මූලික අනුමැතිය හිමිව ඇති බවත් මහජන අදහස් විමසීමකින් අනතුරුව ඊළඟ පියවර ක්‍රියාත්මක කරනා බවත්ය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රුපියල් 120000ත් 180000ත් අතර මුදලක් වැය වනු ඇති බවත් මාසික ගාස්තුව ලෙස රුපියල් 30,000ක පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Starlink ආයතනයට කොමිසම විසින් විදුලි සංදේශ නියාමන පනතේ 17 වන හා 22 වගන්තිය අනුව අනුමැතිය ලබාදී ඇති අතර එම සමාගම මෙරට තුළ දුරකථන ජාලා සමාගමක් ලෙස ස්ථාපිත නොකෙරෙනා නමුත් ඊට සංඛ්‍යාත බලපත්‍රයක් ලෙස අනුමැය ලබාදී ඇත.

එම ආයතනය සඳහා විදුලි සංදේශ නියාමන පනත සංශෝනය කර ඉදිරියේදී සේවා බලපත්‍රයක් නිකුත්කිරීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ‍ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිපගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වන අතර චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ‍ලබාදෙන අන්තර්ජාල පහසුකම හරහා ලෝකයේ කුමන ප්‍රදේශයේ සිටියද අන්තර්ජාලයට පිවිසිමේ හැකියාව මෙමඟින් හිමිවනු ඇති බව පැවසේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: