hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2024 මැයි 26, ප.ව. 7:01



ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉලෝන් මස්ක් සමග ඉන්දුනීසියාවේදී සාකච්ඡා කළේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මෙරටට ලබා ගැනීම සම්බන්ධයෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

යාපනයේදී පැවැති තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ලැබීමෙන් පසු කොළඹින් පිටත ප්‍රදේශවල වයිෆයි සම්බන්ධතා ගැටලු විසඳෙන බවයි.

ජාතික තරුණ සේවා සභාව මගින් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී සංවිධාන කර තිබූ යාපනය දිස්ත්‍රක් තරුණ සමුළුව පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී යාපනය ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට අවස්ථාව සලසා දී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: